පුත්තලම් දුම්රිය මාර්ගයේ කොච්චිකඩේ සිට නාත්තන්ඩිය දක්වා තිබූ පිළිසකර කිරීමේ කටයුතු අවසන් කර තිබෙන නිසා, කොළඹ කොටුවෙන් නාත්තන්ඩිය දක්වා දුම්රිය ධාවනය යළි සම්පූර්ණ ලෙස ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසා ඇත.
අයහපත් කාලගුණය හේතුවෙන් මාර්ගයේ ඇති වූ ගංවතුර සහ අනෙකුත් හානි හේතුවෙන් දුම්රිය ගමනාගමනය කොළඹ කොටුව සිට කොච්චිකඩේ දක්වා පමණක් සීමා කර තිබුණි.
මේ අතර, උඩරට දුම්රිය මාර්ගය ඇතුළු රටේ අනෙකුත් දුම්රිය මාර්ග රැසකට ආපදා තත්ත්වය හේතුවෙන් දැඩි හානි සිදුව ඇති අතර, ඒවායේ යළි පිළිසකර කිරීමේ කටයුතු ද මේ වන විට සක්‍රීයව සිදු කෙරෙමින් ඇත.
පුත්තලම් දුම්රිය මාර්ගයේ ගමනාගමනය නාත්තන්ඩිය දක්වා යළි ආරම්භයි

