Friday, January 30, 2026
Homeදේශීයපුද්ගලයෙකුව පැහැරගත් කල්ලියක දෙදෙනෙක් කොටුවෙයි

පුද්ගලයෙකුව පැහැරගත් කල්ලියක දෙදෙනෙක් කොටුවෙයි

පුද්ගලයෙක්ව පැහැරගෙන ගොස් ජංගම දුරකථන 02ක් සහ මුදල් කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (12) සවස් කාලයේ ගල්කිරියාගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 27 සහ 50 යන වයස්වල පසුවන ගල්කිරියාගම සහ දේවහූව ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

අදාළ සිද්ධියට සැකකරුවන් පස්දෙනෙකු සම්බන්ධවී ඇති අතර සැකකරුවන් විසින් මුදලින් රුපියල් 110,000 ක් සහ රුපියල් 50,000 ක් වටිනා ජංගම දුරකථන 02ක් පැහැර ගැනුණු පුද්ගලයාගෙන් කොල්ලකා තිබේ.

ගල්කිරියාගම, ගල්පාය ප්‍රදේශයේ දී නිධානයකින් ලබාගන්නා ලද මැණික් ගලක් මිලදීගැනීමට ගිය පුද්ගලයින් සිව්දෙනෙකුගෙන් එක් අයෙක්ව මෙලෙස පැහැරගෙන ගොස් මුදල් සහ දේපළ කොල්ලකා ඇති බව පොලීසිය පවසයි.

පැහැරගැනීමට සම්බන්ධ අනෙක් සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිරියාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments