Tuesday, March 3, 2026
Homeදේශීයපුරාවස්තු සෙවීමට කැණීම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

පුරාවස්තු සෙවීමට කැණීම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

තණමල්විල බටුවැව ප්‍රදේශයේ දී අනවසර පුරාවස්තු සෙවීම් සඳහා කැණීම් කරමින් සිටි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව කැණීම් කිරීම සඳහා භාවිත කළ උපකරණද සොයාගෙන තිබේ.

මෙම පුද්ගලයා වයස අවුරුදු 52ක් වන සූරියආර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments