Saturday, January 31, 2026
Homeදේශීයපුරාවස්තු සෙවීමේ නීතිවිරෝධී කැණීම් කළ 06ක් අත්අඩංගුවට

පුරාවස්තු සෙවීමේ නීතිවිරෝධී කැණීම් කළ 06ක් අත්අඩංගුවට

පුදුකුඩිඉරිප්පු – දේවී පුරම් ප්‍රදේශයේදී පුරාවස්තු සෙවීමේ අරමුණින් නීතිවිරෝධී ලෙස ඉඩමක කැණීම් කරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු කැණීම් උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 35ත් 48ත් අතර වයස්වල පසුවන අනුරාධපුර, ඉනාමළුව, මොරගොඩ සහ ගලේවෙල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

එසේම, සැකකාරියන් අවුරුදු 36 සහ 45 වයස්වල පසුවන මඩාටුගම හා දේවී පුරම් ප්‍රදේශවල පදිංචිකාරියන් බවද සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

RELATED ARTICLES

Most Popular

Recent Comments