මඩකලපුව ප්‍රදේශයේ පුරාවිද්‍යා නාම පුවරු ගලවා ඉවත් කිරීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කළා.
මෙම ක්‍රියාවට සහභාගී වූ පුද්ගලයන් හඳුනාගෙන ඇති බවද ඔහු පැවසුවේය. වාලච්ඡේන පොලිස් වසමේ සවි කර තිබූ පුරාවිද්‍යා නාමපුවරු හයක් මේ රීතින් ගලවා දැමූ බවත්, එය සිදු වූ අවස්ථාවේ එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප ලේකම්වරයාද සිටි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළා.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සහ ගලවා දැමූ නාම පුවරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිස්පතිවරයාටද උපදෙස් ලබාදී ඇති බවද ඔහු තවදුරටත් සදහන් කළේය.

