Friday, January 16, 2026
Homeදේශීයපුලතිසි නගරාන්තර දුම්රිය නැවත ධාවනය අරඹයි

පුලතිසි නගරාන්තර දුම්රිය නැවත ධාවනය අරඹයි

පුලතිසි නගරාන්තර දුම්රිය එළැඹෙන 09 වනදා සිට නැවත ධාවනය ආරම්භ කරන අතර, සෑම සිකුරාදා දිනයකම කොළඹ කොටුව සිට මඩකලපුව දක්වා සහ සෑම ඉරිදා දිනයකම මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය කිරීමට සැලසුම් කර ඇත.

මගී ඉල්ලුම අනුව ඉදිරියේදී ධාවන වාර සංඛ්‍යාව වැඩි කිරීමටද සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

අංක 6075 දුම්රිය

• කොළඹ කොටුව පිටත් වීම – ප.ව. 12.45

• මඩකලපුව ලඟා වීම – ප.ව. 08.07

අංක 6076 දුම්රිය

• මඩකලපුව පිටත් වීම – පෙ.ව. 04.00

• කොළඹ කොටුව ලඟා වීම – පෙ.ව. 11.30

ඒ අතර, ඇල්ල Odyssey සංචාරක දුම්රිය හෙට (07) සිට සෑම බදාදා දිනයකම අඹේවෙල සිට බදුල්ල දක්වා ධාවනය කිරීමට නියමිතය. මගී ඉල්ලුම අනුව මෙහිද ධාවන වාර වැඩි කිරීමට සැලසුම් කර ඇත.

අංක 1043 දුම්රිය

• අඹේවෙල පිටත් වීම – ප.ව. 01.30

• බදුල්ල ලඟා වීම – ප.ව. 04.15

අංක 1044 දුම්රිය

• බදුල්ල පිටත් වීම – පෙ.ව. 07.45

• අඹේවෙල ලඟා වීම – පෙ.ව. 10.58

මේ අතර, පාසල් සිසුන්ගේ ගමනාගමනය පහසු කිරීම සඳහා පාසල් පැවැත්වෙන දිනවල, ඊයේ (05) සහ අද (06) සිට නාවලපිටිය – හැටන් හා මහනුවර – වත්තේගම මාර්ගවල දුම්රිය ධාවනය නැවත ආරම්භ කර ඇත. පැවති ආපදා තත්ත්වයෙන් පසු මෙම මාර්ග කොටස්වල දුම්රිය ධාවනය සිදුවන්නේ පළමු වතාවට බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

වත්තේගම / මහනුවර

• වත්තේගම පිටත් වීම – පෙ.ව. 05.45

• මහනුවර ලඟා වීම – පෙ.ව. 06.30

මහනුවර / වත්තේගම

• මහනුවර පිටත් වීම – ප.ව. 02.00

• වත්තේගම ලඟා වීම – ප.ව. 02.39

හැටන් / නාවලපිටිය

• හැටන් පිටත් වීම – පෙ.ව. 05.00

• නාවලපිටිය ලඟා වීම – පෙ.ව. 06.29

නාවලපිටිය / හැටන්

• නාවලපිටිය පිටත් වීම – ප.ව. 02.12

• හැටන් ලඟා වීම – ප.ව. 03.11. .

RELATED ARTICLES

Most Popular

Recent Comments