Friday, November 14, 2025
Homeදේශීයපොලිස් රාජකාරියට බාධා කළ කාන්තාව යළි රක්ෂිත බන්ධනාගාරගත කරයි

පොලිස් රාජකාරියට බාධා කළ කාන්තාව යළි රක්ෂිත බන්ධනාගාරගත කරයි

රථවාහන නීතිය ක්‍රියාත්මක කිරීමේදී පොලිස් නිලධාරීන්ට බාධා කරමින් කළහකාරී ලෙස හැසිරුණු කාන්තාවක් එළැඹෙන 10 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඇය ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කර තිබුණි.

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි කාන්තාවකි.

ඇය මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී රථවාහන වරදක් සම්බන්ධයෙන් නතර කිරීමට උත්සාහ දරා සිටි පොලිස් නිලධාරීන්ගේ නියෝග නොතකා මෝටර් රථය ධාවනය කිරීමෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments