Tuesday, March 24, 2026
Homeවිදේශීයපොලිස් විශේෂ මෙහෙයුම්වලින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

පොලිස් විශේෂ මෙහෙයුම්වලින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය කිරීමේ අරමුණින් දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුම් මාලාවක් යටතේ ඊයේ (05) දිනයේද පොලීසිය විසින් සුවිශේෂී මෙහෙයුමක් සිදුකර ඇත.

එහිදී පුද්ගලයින් 25,170 දෙනෙකු පොලිස් පරීක්ෂාවට ලක් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

මෙම මෙහෙයුම්වලදී සැකපිට පුද්ගලයින් 602 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අපරාධවලට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 12 දෙනෙකුද වරෙන්තුකරුවන් 263 දෙනෙකුද විවෘත වරෙන්තුකරුවන් 138 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම බීමත්ව රිය ධාවනය කළ පුද්ගලයින් 338 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අපරික්ෂාකාරී රිය ධාවනය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 83 දෙනෙකුට එරෙහිවද නීතිමය පියවර ගෙන ඇත.

මීට අමතරව වෙනත් වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 4,301 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට පොලීසිය කටයුතු කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments