මැදපෙරදිග පවතින උණුසුම් ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ඇතිවී තිබෙන බලශක්ති හිඟයට ප්‍රතිචාර ලෙස Anutin Charnvirakulගේ නායකත්වයෙන් යුතු Thailand රජය බලශක්තිය ඉතිරි කර ගැනීම සඳහා නව සීමා රැසක් හඳුන්වා දී තිබේ.
ඒ අනුව අද (10) සිට අත්‍යවශ්‍ය සේවාවල නිරත නිලධාරීන් හැර සෙසු රාජ්‍ය සේවකයින්ට නිවසේ සිට රාජකාරි කිරීම (Work From Home) අනිවාර්ය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදේශ සංචාර අවම කිරීම, විදුලි සෝපාන වෙනුවට පඩිපෙළ භාවිත කිරීම සහ විදුලි භාවිතය සීමා කිරීම වැනි පියවරද මේ යටතේ ක්‍රියාත්මක කර ඇත.
එරට බලශක්ති අමාත්‍යවරයා පවසන පරිදි මේ වනවිට Thailand සතුව පවතින්නේ දින 95කට පමණ පමණක් ප්‍රමාණවත් බලශක්ති සංචිතයකි. එරට බලශක්ති අවශ්‍යතාවයෙන් සම්පූර්ණයෙන්ම 68%ක් සපුරා ගන්නේ ස්වභාවික වායු මගිනි.
එම වායුයේ සැලකිය යුතු කොටසක් Myanmar වෙතින් ආනයනය කරන අතර, වත්මන් තත්ත්වය හමුවේ United States, Australia සහ South Africa වැනි රටවලින් LNG වායුව ලබා ගැනීමට ද තායිලන්තය උත්සාහ කරමින් සිටින බව සඳහන් වේ.
තත්ත්වය තවදුරටත් දරුණු වුවහොත් වෙළඳසැල් සහ සිනමාහල්වල දැන්වීම් පුවරුවල ආලෝකය අඩු කිරීම සහ රාත්‍රී 10 වන විට ඉන්ධන පිරවුම්හල් වසා දැමීම වැනි නීතිද ක්‍රියාත්මක කිරීමට රජය සලකා බලමින් සිටින බවද වාර්තා වේ.
එමෙන්ම පොදු ප්‍රවාහනය භාවිත කිරීම සහ රථවාහන හවුලේ භාවිතය (carpooling) වැඩි කරන ලෙස එරට ජනතාවගෙන් රජය ඉල්ලීමක්ද කර තිබේ.
බලශක්ති අර්බුදයට මුහුණදීමට තායිලන්තයේ රාජ්‍ය සේවකයින්ට Work From Home

