Saturday, January 24, 2026
Homeදේශීයබස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

බස්නාහිර පළාත තුළ වාහන අදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ, ඊට අදාළ පරිගණක පද්ධතියේ සිදු කෙරෙන යාවත්කාලීන කිරීමක් හේතුවෙනි. 

ඒ අනුව මේ මස 27 වැනි බදාදා සිට ඔක්තෝබර් 2 වැනි සඳුදා වන තෙක් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවනු ඇති. 

බස්නාහිර පළාත් මාර්ග හා ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් චම්පා එන් පෙරේරා මහතා සඳහන් කළේ, එම කාලය තුළ කල් ඉකුත් වන අදායම් බලපත්‍ර ඔක්තෝබර් 10 වැනි දා දක්වා දඩ මුදලකින් තොරව නැවත ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇති බවයි. 

මේ අතර මාර්ගගත ක්‍රමයට වාහන අදායම් බලපත්‍ර ලබා ගැනීමේ කටයුතු ද ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්තෝබර් 6 වැනි දා දක්වා අත්හිටුවා ඇති බව එම අමාත්‍යාංශය නිවේදනය කළේ ය.

RELATED ARTICLES

Most Popular

Recent Comments