ලංකා ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කළේ, බස් ගාස්තු සංශෝධනයක් අද (22) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි.
ඊට අදාළ ගණනය කිරීම් මේ වනවිටත් සිදු වෙමින් පවතින බව වාර්තා වේ.
පසුගිය අවස්ථා කිහිපයකදී ඉන්ධන මිල ඉහළ ගියද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවූ බව ද සඳහන් වේ.
මේ අතර, ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසන්නේ අවම වශයෙන් සියයට 15ක ගාස්තු වැඩිවීමක් අපේක්ෂා කරන බවයි.
ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් මිල සියයට 31කින් ඉහළ ගොස් ඇති අතර, එය ගාස්තු සංශෝධනයට හේතුවක් වී ඇති බවද එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.
බස් ගාස්තු ඉහළ යාම අද ප්‍රකාශයට

