Saturday, November 30, 2024
Homeව්‍යාපාරිකබැංකුව ඇතුළට ගිහින් පාස් පොතෙන් සල්ලි ගනිද්දී පෞද්ගලික බැංකුවක් ගනුදෙනුකරුගෙන් රුපියල් 50ක්...

බැංකුව ඇතුළට ගිහින් පාස් පොතෙන් සල්ලි ගනිද්දී පෞද්ගලික බැංකුවක් ගනුදෙනුකරුගෙන් රුපියල් 50ක් කපාගෙන! මහබැංකුවෙන් අවසරයක් දීලත් නෑ! එහෙම කළේ ඇයි කියලා ඇහුවාම මැනේජර් අපූරු උත්තරයකුත් දීලා

ගනුදෙනුකරුවන් සිය බැංකු පාස්පොත මගින් මුදල් ලබා ගැනීමේදී ඇතැම් පෞද්ගලික බැංකු විසින් ඉතා අසාධාරණ ලෙස රුපියල් 50ක මුදලක් කපා ගැනීමට කටයුතු කොට ඇති බවට අසාධාරණයට ලක්වූ බැංකු ගිණුම් හිමියෝ චෝදනා කර සිටිති.

ඔවුන් පෙන්වා දෙන්නේ කිසිදු පූර්ව දැනුම් දීමකින් ‌තොරව මෙසේ සිය බැංකු පාස් පොත මගින් මුදල් ලබා ගැනීමේදී පෞද්ගලික බැංකුවක් රුපියල් 50ක මුදලක් අයකරගෙන ඇති බවකි.

පසුගිය දිනෙක තිඹිරිගස්යාය ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකින් සිය බැංකු පාස්පොත මගින් මුදල් ලබාගැනීමට ගිය ගනුදෙනුකරුවකු මේ සම්බන්ධයෙන් අදාළ බැංකු කළමනාකාරියගෙන් විමසීමක් කොට ඇති අතර එහිදී ඇය සදහන් කොට ඇත්තේ ගනුදෙනුකරුවන් බැංකුවට පැමිීණීම හේතුකොටගෙන බැංකුව අසල රථවාහන තදබදයක් මතුවන බවත්, ඒ හේතුවෙන් කාඩ්පත් මගින් ස්වයංක්‍රීය මුදල් ලබා ගැනීමේ යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීමට ගනුදෙනුකරුවන් උනන්දු කරවීම සදහා මෙසේ බැංකු පොත මගින් මුදල් ලබා ගැනීමේදී රුපියල් 50ක මුදලක් අයකරගන්නා බවත්ය.

කෙසේවෙතත් මෙසේ රුපියල් 50ක් අයකිරීමට මහබැංකුව ලබා දී තිබේද යන්න පිළිබදව දොළ කළමනාකාරියගෙන් විමසීමක් කොට ඇති අතර එහිදී ඇය සදහන් කොට ඇත්තේ එවැනි අවසරයක් නොමැති බවකි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments