බැංකු කාඩ්පත් භාවිතයෙන් බස් ගාස්තු ගෙවීමේ නව සේවාව අද (24) පෙරවරුවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සම්භාවිතව ආරම්භ කෙරිණි.
මෙම අවස්ථාවේදී බස් රියදුරන් මත්ද්‍රව්‍ය භාවිත කර තිබේද යන්න සොයමින් සෞඛ්‍ය පරීක්ෂණත් සිදු කෙරුණි. එම පරීක්ෂණ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් සිදු කරන ලදී.
පළමු අදියර ලෙස අද දිනයේදී මාකුඹුර – මාතර, මාකුඹුර – ගාල්ල, මාකුඹුර – බදුල්ල සහ කොළඹ – අම්පාර අධිවේගී බස් රථවලට බැංකු කාඩ්පත් ගෙවීම් ක්‍රමය හඳුන්වා දී ඇත.
හෙට (25) සිට කොළඹ – වව්නියාව, කඩවත – මහරගම, මාකුඹුර – තංගල්ල, මාකුඹුර – අඟුණුකොලපැලැස්ස යන මාර්ගවල බස් රථවලද මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මේ අතර බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තලංගම කොස්වත්ත ප්‍රදේශයේ දී එම සේවාව හඳුන්වාදීමේ වැඩසටහනක් ද ආරම්භ කර තිබේ.
අධිකාරියේ සභාපති විශ්‍රාමික කමාණ්ඩර් ගාමිණී ජාසිංහ මහතා පවසා සිටියේ,
දෙසැම්බර් මාසය අවසානයට පෙර බස්නාහිර පළාතේ සියලුම අධිවේගී බස් රථවල,
2026 අවසානයට පෙර බස්නාහිර පළාතේ ධාවනය වන සියලුම බස් රථවල,
බැංකු කාඩ්පත් මගින් ගාස්තු ගෙවීම සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.
ඊට අමතරව, ලබන ජනවාරි මාසයේදී පළාතේ සුඛෝපභෝගී සහ තෝරාගත් සාමාන්‍ය බස් රථවලටද මෙම ක්‍රමය හඳුන්වාදීමට කටයුතු කරනු ඇත.
මෙම පද්ධතිය සම්පූර්ණ ක්‍රියාත්මක වීමෙන් මගීන්ට පහසුව, වේගවත් ගෙවීම් ක්‍රියාවලියක් සහ ගෝලීය තත්ත්වයට අනුකූල බස් සේවාවක් ලබා දීම ප්‍රධාන අරමුණු වේ.
බැංකු කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවීමේ සේවාව ආරම්භ වෙයි

