Saturday, January 17, 2026
Homeදේශීයබැංකු කාඩ්පතින් හෙට සිට බස් රථ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට හැකි වේ

බැංකු කාඩ්පතින් හෙට සිට බස් රථ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට හැකි වේ

බැංකු කාඩ්පතින් හෙට සිට බස් රථයේ මගී ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට අවස්ථාව ලබා දීමට නියමිතව තිබේ. මෙම වැඩසටහන මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී පෙරවරුවේ ආරම්භ කෙරෙන බවත්, ඩිජිටල් අමාත්‍යාංශය සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක වන බවත් වාර්තා වේ.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන සිදු කෙරෙන අතර, බැංකු කාඩ්පත හරහා බස් ගාස්තු ගෙවීමේ ක්‍රමය හඳුන්වා දීමේ අරමුණ, පසුගියයේ මගී ප්‍රවේශපත්‍ර ගෙවීම් සමඟ ඇති වූ ගැටලු විසඳීම බව අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම බස් රථ මගී ප්‍රවේශපත්‍ර වලින් වංචා හා දූෂණ සිදුවීමේ අවදානම මත මෙම ක්‍රමය හඳුන්වා දෙන බවත්, මහජන අවශ්‍යතාවයක් මත මෙය සිදු කෙරෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments