Tuesday, March 10, 2026
Homeදේශීයබේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ තුන්වන අදියරට කැබිනට් අනුමැතිය

බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ තුන්වන අදියරට කැබිනට් අනුමැතිය

බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ තුන්වන අදියර ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව කිරුළපන මංසන්ධියේ සිට කොළඹ – හොරණ මාර්ගයේ දුටුගැමුණු වීදිය දක්වා කිලෝමීටර් 0.86ක දුරක් මංතීරු 6කින් යුත් මාර්ගයක් ඉදිකිරීමට කටයුතු කෙරේ.

මෙම ව්‍යාපෘතිය සඳහා මුල්වරට 2009 නොවැම්බර් මස 11 වන දින පැවති කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය ලබාදී තිබුණද, 2022 වසරේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් එය තාවකාලිකව අත්හිටුවා තිබුණි.

පසුව ජාතික මාර්ග ප්‍රධාන සැලැස්ම යටතේ මෙම මාර්ගය ප්‍රමුඛ යටිතල පහසුකමක් ලෙස හඳුනාගෙන ඇති අතර, මේ වනවිට අවශ්‍ය ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතු සියයට 90කට ආසන්න ප්‍රමාණයක් අවසන් කර ඇති බව සඳහන්ය.

මෙම ව්‍යාපෘතිය හරහා කොළඹ – හොරණ මාර්ගයේ ගමන් කාලය සහ රථවාහන තදබදය සැලකිය යුතු ලෙස අඩුවන අතර, නාගරික සංචලනය සහ ආර්ථික ඵලදායිතාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඒ අනුව බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ තුන්වන අදියරේ ඉදිකිරීම් නැවත ආරම්භ කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments