Friday, January 23, 2026
Homeදේශීයබොරතෙල් මිලේ පහල යාමත් සමඟ සිපෙට්කෝ, IOC ඉන්ධන මිල අඩු කරයි

බොරතෙල් මිලේ පහල යාමත් සමඟ සිපෙට්කෝ, IOC ඉන්ධන මිල අඩු කරයි

අද (17) රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩුකර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 450ක් ලෙසය.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් ද රුපියල් 10කින් අඩුකර තිබෙන අතර එහි නව මිල රුපියල් 540ක් වනු ඇත.

ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 20කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 440ක් වේ.

සූපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 10කින් අඩුකර තිබෙන අතර ඒ අනුව එහි නව මිල රුපියල් 510ක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේය.

මිල සූත්‍රය

කැබිනට් අනුමැතිය හිමිවූ ඉන්ධන මිල සුත්‍රයට අනුව මින් පෙර අවස්ථා ගණනාවකදී ඉන්ධන මිල ඉහළ ගිය අතර ලෝක වෙළෙඳපොළේ පවතින තෙල් මිල සහ අනෙකුත් සාධක සලකා බලා එම ඉන්ධන මිල සූත්‍රයට අනුව මෙවර ඉන්ධන මිල පහල දමා ඇතැ තිබෙනවා.

ඉන්ධන ආනයනික වියදම්, ගොඩබෑමේ වියදම්, බෙදාහැරීමේ වියදම්, සහ බදු මුදල් මිල සංශෝධනයට ඇතුළත් කර ඇති අතර මිල සංශෝධනය සඳහා ලාභාංශ ඇතුළත් කර නොමැති බව ද රජය නිවේදනය කළේ ය.

RELATED ARTICLES

Most Popular

Recent Comments