Wednesday, February 11, 2026
Homeව්‍යාපාරිකබොර තෙල් මිල ඉහළ ට..

බොර තෙල් මිල ඉහළ ට..

ඊශ්‍රායලයට පලස්තීන හමාස් සංවිධානය එල්ලකළ දරුණු ප්‍රහාර හේතුවෙන් මැද-පෙරදිග උණුසුම් වී තිබේ.

විශේෂයෙන්ම මෙම තත්ත්වය ලෝක තෙල් මිල වැඩිවීමට බලපෑ හැකි බව ජාත්‍යන්තර විචාරකයෝ පවසති.

හමාස් සංවිධානය ට උදව් කරනු ලබන්නේ ඉරානය යි.

විවිධ වෙළෙඳ බාධක පනවා තිබුණද ආසියානු වෙළෙඳපොළට ඉරාන බොර තෙල් සැපයුම නොකඩවා සිදුවෙයි.

නමුත් ඊශ්‍රායලය – පලස්තීන ගැටුම් තවත් උත්සන්න වුවහොත් ඉරාන බොර තෙල් සැපයුමට ද බාධා එල්ලවීම නොවැලක්විය හැකි කරුණකි.

මේ තත්ත්වය හමුවේ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 4කින් පමණ අද (09) ඉහළ ගොස් තිබුණි.

එහි මිල දැක්වුණේ ඩොලර් 86ක් ලෙසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments