Friday, March 6, 2026
Homeදේශීයභාණ්ඩ වර්ග කිහිපයක මිල පහළට

භාණ්ඩ වර්ග කිහිපයක මිල පහළට

ලංකා සතොස භාණ්ඩ වර්ග 5 ක මිල පහළ දැමීමට තීරණය කර තිබේ.

මෙම නව මිල සංශෝධනය හෙට (19) සිට ක්‍රියාත්මක වනු ඇති.

ඒ අනුව් ආනයනික ටින් මාළු (ග්‍රෑම් 425) මිල රුපියල් 35කින් පහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 650කි.

මේ අතර දේශීය ටින් මාළු (ග්‍රෑම් 425) මිල රුපියල් 5කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 545කි.

මුං ඇට කිලෝ එකක මිල රුපියල් 20කින් පහළ දමා ඇති අතර එහි නව මිල 1100කි.

හාල්මැස්සන් කිලෝ එකක මිල රුපියල් 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1090කි.

කොත්තමල්ලි කිලෝ එකක නව මිල රුපියල් 540ක් වන අතර එහි මිල රුපියල් 10කින් පහළ දමා ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments