Friday, October 24, 2025
Homeදේශීයභාවිතයෙන් ඉවත් කළ යුද්ධ හමුදා වාහන 76ක් නැවත සේවයට

භාවිතයෙන් ඉවත් කළ යුද්ධ හමුදා වාහන 76ක් නැවත සේවයට

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, දිගුකාලීනව භාවිතයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත් වාහන 76ක්, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝගේ උපදෙස් අනුව නවීකරණය කර, නැවත සේවයට එක් කර තිබේ.

මෙම වාහන අද (24) සිට යුද්ධ හමුදාවේ භාවිතයට යොදා ගැනීමට නියමිතය.ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතියක් යටතේ මෙම වාහන නවීකරණය කිරීමෙන්, විදේශ රටවලින් නව වාහන ගෙන්වීම සඳහා වැය විය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කරගත හැකි බව වාර්තා වේ.

එමෙන්ම, යුද්ධ හමුදාවට කුලී ගෙවීමේ පදනම මත ලබාගත් වාහන සඳහා මාසිකව වැය වන රුපියල් මිලියන 10 පමණ මුදල රජයට ඉතිරි කිරීමටද හැකි වන බව සඳහන් වේ.

නවීකරණය කරන ලද වාහන 76 අතර: ට්‍රක් රථ, බස් රථ, වතුර බවුසර්, යුනි බෆල් රථ, කැබ් රථ, ගිලන් රථ, වෑන් රථ, ගලි බවුසර් ඇතුළු වාහන ඇතුළත් වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments