Thursday, November 13, 2025
Homeදේශීයමත්තල පාඩුව මිලියන 39,369යි

මත්තල පාඩුව මිලියන 39,369යි

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ පසුගිය වසර හතක කාලයේ දී (2018-2024) රුපියල් මිලියන තිස්නවදහස් තුන්සිය හැටනවයක (39,369) පාඩුවක් ලබා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වෙයි.

ඉකුත් වර්ෂයේ පමණක් මත්තල ගුවන්තොටුපළෙහි මෙහෙයුම් වියදම රුපියල් මිලියන 3,600.8කි. ආදායම රුපියල් මිලියන 242ක් වුණි. ඒ අනුව ආදායම මෙන් වියදම දාහතර ගුණයකින් වැඩි වී ඇති බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි. මෙකී ගුවන්තොටුපළේ වාර්ෂික මගී ධාරිතාවය මිලියනයකි. එහෙත් පසුගිය වසර හයේ දී මෙම ගුවන්තොටුපොළ භාවිතා කරනු ලැබූ ගුවන් මගීන් සංඛ්‍යාව තුන්ලක්ෂ විසිඑක්දහස් පන්සිය හැත්තෑහතකි. පසුගිය වසර හයේ දී මුළු ගුවන් ගමන්වාර 3,596ක් වූ අතර ගුවන්තොටුපොළ ඉදිකිරීම සඳහා වැය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 247.7කට සමාන රුපියල් මිලියන 36,564කි.

ගුවන්තොටුපොළ ඉදිකිරීම සඳහා මූලිකව ලබාගත් ඇමරිකානු ඩොලර් මිලියන 190ක විදේශීය ණය සඳහා ගුවන්තොටුපළ හා ගුවන්සේවා පුද්ගලික සමාගම විසින් ගෙවා ඇති විදේශ ණය පොලිය රුපියල් මිලියන 1590කි.

RELATED ARTICLES

Most Popular

Recent Comments