Thursday, February 12, 2026
Homeදේශීයමත්ද්‍රව්‍ය භාවිත කර සේවයේ යෙදුණු බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරු 7ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය භාවිත කර සේවයේ යෙදුණු බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරු 7ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය භාවිත කර පෞද්ගලික මගී බස් රථවල සේවයේ යෙදෙමින් සිටි රියදුරන් සහ කොන්දොස්තරවරුන් හත්දෙනකු පිළියන්දලදී අත්අඩංගුවට ගෙන තිබේ.

පිළියන්දල ප්‍රධාන බස් නැවතුම්පොළෙන් ගමන් ආරම්භ කරන සහ නගරය හරහා ධාවනය වන බස් රථවල රියදුරන් සහ කොන්දොස්තරවරුන් 170 දෙනෙකු ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සහ පිළියන්දල පොලීසිය ඒකාබද්ධව පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී සැකකරුවන් හඳුනාගෙන ඇත.

පැය පහකට ආසන්න කාලයක් සිදුකළ මෙම විශේෂ මෙහෙයුම මාර්ග අංක කිහිපයක බස් රථ ආවරණය කරමින් ක්‍රියාත්මක කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, පිළියන්දල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments