මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් පංචිකාවත්ත ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පිටකොටුව පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී 34 හැවිරිදි එම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
ඇය සන්තකයේ තිබී අයිස්, හෙරොයින් සහ හෑෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය ප්‍රමාණයක්, මත්පෙති 300ක්, විද්‍යුත් තරාදියක් සහ මුදල් ගණනය කිරීමේ යන්ත්‍රයක් සොයාගෙන තිබේ.
එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැලකෙන රුපියල් 8,59,730ක මුදලක් හා ජංගම දුරකථන 6ක් ද පොලීසිය භාරයට ගෙන ඇත.
සැකකාරිය අද (28) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, පිටකොටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් පංචිකාවත්තේ දී අත්අඩංගුවට

