Tuesday, February 17, 2026
Homeසියලුම පුවත්මත්පැන් බදු ගෙවීමේ නීතියට නව සංශෝධනයක්

මත්පැන් බදු ගෙවීමේ නීතියට නව සංශෝධනයක්

මත්පැන් නිෂ්පාදනයට අදාල බදු ගෙවීමේ කාලසීමාව සහ ගාස්තු අයකිරීම් රීතී සංශෝධනය කරමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස නිකුත් කළ මෙම ගැසට් පත්‍රය අද (28) සිට ක්‍රියාත්මක වේ.

නව නීතිය අනුව, සුරාබදු ආඥා පනතේ 22 වන වගන්තියට අනුව බලපත්‍රලාභීන්ට නියමිත දිනට හෝ එයට පෙර බදු ගෙවිය යුතුය. නියමිත දිනෙන් දින 30ක් ඇතුළත බදු ගෙවීමට අපොහොසත් වන්නේ නම්, එම පුද්ගලයාගේ බෝතල් කිරීමේ බලපත්‍රය අත්හිටුවීමට හැකි වේ.

තවද, දින 90ක් ඉක්මවූ පසු බදු ගෙවීම සිදු නොකරන පුද්ගලයින්ගේ සියලු බලපත්‍ර අත්හිටුවීමට නියම කර ඇති අතර, මීට පෙර මාස 6ක් පැවති අත්හිටු කාලය මාස 3ක් දක්වා කෙටි කර තිබේ.

සුරාබදු ගෙවීම් පැහැර හැරීම අවම කිරීම සහ බදු ආදායම වැඩිදියුණු කිරීම මේ සඳහා ප්‍රධාන අරමුණ බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments