Tuesday, October 21, 2025
Homeදේශපාලනමන්ත්‍රීවරුන් දහ දෙනෙකු ඉල්ලා අස්වීමට සූදානම් – ප්‍රධාන අමාත්‍ය ධුරය වෙනුවෙන් දැඩි...

මන්ත්‍රීවරුන් දහ දෙනෙකු ඉල්ලා අස්වීමට සූදානම් – ප්‍රධාන අමාත්‍ය ධුරය වෙනුවෙන් දැඩි තරඟයක්

ලබන වසරේ පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින්, ප්‍රධාන අමාත්‍ය ධුර අපේක්ෂකත්වය සඳහා දේශපාලන පක්ෂ ගණනාවක් අතර දැඩි තරඟයක් ඇතිව තිබේ.

මෙම තනතුරට උනන්දුවක් දක්වන අය අතර බොහෝ දෙනෙක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වීම විශේෂත්වයකි. ඔවුන් දැනටමත් තම පක්ෂ නායකයන් වෙත පෞද්ගලිකව ප්‍රධාන අමාත්‍ය අපේක්ෂක ධුරය ලබාදෙන ලෙස ඉල්ලීම් කර තිබේ.

දේශපාලන ආරංචි මාර්ග පවසන පරිදි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙකු පමණ ඉදිරි දින කිහිපය තුළ තමන්ගේ මන්ත්‍රී ධුරවලින් ඉල්ලා අස්වීමට සූදානම් වන අතර, එම ක්‍රියාව පළාත් සභා මැතිවරණයේ ප්‍රධාන අමාත්‍ය අපේක්ෂකයන් ලෙස තරඟ කිරීමට උත්සාහයක් ලෙස දක්වයි.

තවද, ඇතැම් දේශපාලනඥයන් මේ සඳහා පක්ෂ නායකයන් වෙත බලපෑම් කිරීමේ අරමුණින් ආගමික නායකයන් සහ විශේෂ බලධාරීන් මඟින් මැදිහත් වීමට ද උත්සාහ කරමින් සිටින බව ආරංචි මාර්ග වැඩිදුරටත් හෙළි කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments