Tuesday, February 17, 2026
Homeදේශපාලනමනූෂ නානායක්කාර අත්අඩංගුවට

මනූෂ නානායක්කාර අත්අඩංගුවට

හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (15) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

ඔහු අද උදෑසන ප්‍රකාශයක් ලබාදීම සඳහා කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පවසන්නේ.

පසුගිය රජයේ කාලයේදී ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා ශ්‍රී ලාංකික සේවකයන් යැවීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතා පිළිබඳව අල්ලස් කොමිසම සිදුකරන විමර්ශනයකට අදාළවයි මෙම අත්අඩංගුව.

එමෙන්ම, අත්අඩංගුවට ගැනීමට පෙර ඇප ලබාදෙන ලෙස මනූෂ නානායක්කාර මහතා ඉදිරිපත් කළ ඉල්ලීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (14) ප්‍රතික්ෂේප කර තිබුණ බවද වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments