Sunday, March 15, 2026
Homeදේශීයමසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙකු දියේ ගිලි මියයයි

මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙකු දියේ ගිලි මියයයි

රස්නායකපුර පොලිස් වසමේ මුඩත්තව වැවෙහි ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 68ක් වූ මොන්නෑකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු ටියුබයක් භාවිතයෙන් මසුන් ඇල්ලමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

නිවසට පැමිණීම ප්‍රමාද වූ නිසා, නීවැසියන් සොයා බැලීමේදී ඔහුගේ මෘත ශරීරය වැව මැද හමු වී තිබුණි.

මෘත ශරීරය නිකවැරටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, රස්නායකපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments