කන්කසන්තුරය සිට කිලෝමීටර් 300ක් ඊසාන දිශාවෙන්, අක්ෂාංශ 12.3°N සහ දේශාංශ 80.6°E ආසන්නයේ කේන්ද්‍රගතව තිබෙන ගැඹුරු පීඩන අවපාතය, දිවයිනෙන් ඉවතට උතුරු දෙසට ගමන් කරමින් තවදුරටත් දුර්වල වනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලටත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් අද දිනයේ වැසි වාර කිහිපයක්බලාපොරොත්තු වේ.
ඌව පළාතේද, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලද පස්වරු 2ට පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

