Wednesday, October 23, 2024
Homeදේශීයමහවැලි ජලාශවල ජල මට්ටම 46% ක් දක්වා ඉහළට

මහවැලි ජලාශවල ජල මට්ටම 46% ක් දක්වා ඉහළට

වර්ෂාවත් සමග මහවැලි ජලාශවල ජල මට්ටම 46% ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ජල පාලන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නිලන්ත ධනපාල මහතා සඳහන් කළේ, කොත්මලේ ජලාශයේ ධාරිතාව 77%ක් දක්වාත් වික්ටෝරියා ජලාශයේ ධාරිතාව 44% ක් දක්වාත් ඉහළ ගොස් ඇති බවයි.

මහ කන්නයේ වගාව සඳහා ජලය නිකුත් කිරීම මේ වනවිට ආරම්භ කර ඇත.

එම කටයුතු ලබන මස පළමු වැනි දායින් අවසන් කිරීමට නියමිත බව නිලන්ත ධනපාල මහතා ප්‍රකාශ කළේ ය.

ඔහු ගොවීන්ගෙන් ඉල්ලා සිටින්නේ, නියමිත කාලසටහන් අනුව වගාව ආරම්භ කරන ලෙසයි. (News 1st)

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments