Monday, December 22, 2025
Homeදේශීයමහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයින් දෙදෙනෙක් අත්අඩංගුවට

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයින් දෙදෙනෙක් අත්අඩංගුවට

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයින් ලෙස සැලකෙන පුද්ගලයන් දෙදෙනෙකු රුපියල් කෝටි 2කට අධික අගයක් ඇති මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත පල්ලියවත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1ක් සහ ග්‍රෑම් 48ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 23ක් වන පල්ලියවත්ත, හැඳල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහුගෙන් ලබාගත් තොරතුරු අනුව, ටෝනි මාවතේ නිවසක් පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 797ක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම දෙවන සැකකරු වයස අවුරුදු 28ක් වන හැඳල, වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වත්තල පොලීසිය විසින් සිදුකරනු ලබයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments