Friday, March 6, 2026
Homeවිදේශීයමහා ප්‍රහාරයකට ඊශ්‍රායලය සූදානම් වෙයි

මහා ප්‍රහාරයකට ඊශ්‍රායලය සූදානම් වෙයි

ගාසා තීරය අසල දේශසීමාවට ඊශ්‍රායල හමුදා බලඇණි විශාල ගණනක් කැඳවා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් පැවසුවේ, “අපිට භාරදුන් කර්තව්‍ය කිරීමට අපි සූදානමින්” ඉන්න බවයි.  

ගාසා තීරය ඉලක්ක කර ගොඩබිමින් ප්‍රහාරයක් එල්ල කිරීමට ඊශ්‍රායලය සූදානමින් සිටින බව එරට හමුදා බලධාරීන් පවසයි.

හමාස් සටන්කරුවන්ගේ සියලුම හමුදා ශක්තීන් අඩපණ කිරීම ඔවුන්ගේ අරමුණයි.

මේ දක්වා ලැබී ඇති තොරතුරු අනුව හමාස් සටන්කරුවන් විසින් එල්ලකළ ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලයේ 1,200ක් පමණ මියගොස් ඇති අතර ගාසා තීරයේ ද මරණ 900කට අධික ගණනක් වාර්තා විය.

මේ අතර ඊශ්‍රායලයට ප්‍රහාර එල්ලකළ හමාස් සාමාජිකයින් 1,500ක් පමණ මියගොස් ඇති බවටද වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments