කැරම් බෝඩ් නඩුවට සම්බන්ධව සිර දඬුවම් නියම වී ඇති හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අයගේ ඇප ඉල්ලීම් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.
විනිසුරු මඩුල්ල සඳහන් කළේ, ඇප ලබා දීමට අවශ්‍ය සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවූ නිසා ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කරන බවය.
මෙම දෙදෙනා 2015 ජනාධිපතිවරණ සමයේ රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් ඇති කළ බවට චෝදනා ලැබූ අතර, අලුත්ගමගේට වසර 20කද, ප්‍රනාන්දුට වසර 25කද සිර දඬුවම් නියම කර ඇත.
ඔවුන් එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කර තිබේ.
මහින්දානන්ද සහ නලින්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේපයි

