මහ කන්නයට අදාල පොහොර සහනාධාරය ලබාදීමට කිසිදු බාධාවක් නොමැති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා පැවසීය.
ඔහු සඳහන් කළේ, එම සහනාධාරය සඳහා ප්‍රමාණවත් මුදල් දැනටමත් සකස් කර ඇති බවයි.
පසුගිය 30 වැනිදා ආරම්භ කළ වැඩසටහන යටතේ එක් ගොවියෙකුට රුපියල් 25,000ක මූල්‍ය සහනාධාරයක් වාරික දෙකක් වශයෙන් ලබාදෙන බවත්, පළමු වාරිකය ලෙස රු.15,000 සහ වී වගාව ආරම්භ කළ පසු රු.10,000 ලබාදෙන බවත් ඔහු පැවසීය.
මෙම වැඩසටහන යටතේ ගොවීන් ලක්ෂ 14කට ආසන්න පිරිසකට සහනාධාර ලබාදීමට නියමිත අතර, රජය මෙ සඳහා රුපියල් බිලියන 20ක් වෙන් කර ඇති බවද කොමසාරිස් ජනරාල්වරයා තවදුරටත් සඳහන් කළේය.
මහ කන්නයේ පොහොර සහනාධාරය පිළිබඳ දැනුම්දීමක්

