ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා නව නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙකු පත්කර ඇති බව මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු ලෙස දීර්ඝ කාලයක් සේවය කළ ආචාර්ය සී. අමරසේකර මහතා 2025 ඔක්තෝබර් 24 වනදා සිටත්, සහකාර අධිපතිවරයෙකු වූ කේ.ජී.පී. සිරිකුමාර මහතා 2025 නොවැම්බර් 03 වනදා සිටත් නියෝජ්‍ය අධිපතිවරුන් ලෙස නියමිත පරිදි දායකත්වය ලබා දීමට පත්කර ඇත.
මෙම පත්කිරීම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුදල් අමාත්‍යවරයා ලෙස සිදුකර ඇති බවද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
