Thursday, February 19, 2026
Homeව්‍යාපාරිකමහ බැංකුවෙන් ජනතාවට හදිසි දැනුම්දීමක්

මහ බැංකුවෙන් ජනතාවට හදිසි දැනුම්දීමක්

මාර්ගගත ක්‍රම මඟින් සිදුකරනු ලබන වංචාවන්ගෙන් ප්‍රවේශම් වෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට දැනුම්දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත්තේ, වෙහෙස වී උපයා ගත් ධනය තමන්ට අහිමිව යෑමට ඉඩ ඇති බැවින් මෙවැනි වංචාවන් පිළිබඳව විමසිලිමත් වන ලෙසය.

යම් පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේ නම් එම ගැටලු [email protected] යන ඊමේල් ලිපිනයට යොමුකළ හැකි බව ද මහ බැංකුව දැනුම්දෙයි.

එපමණක් නොව ඇතැම් වංචාකරුවන් ඔවුන්ගේ ප්‍රචාරණ වැඩසටහන් සිදුකරන ආකාරය පිළිබඳව ද මහ බැංකුව ජනතාව දැනුවත් කර තිබේ

RELATED ARTICLES

Most Popular

Recent Comments