Tuesday, March 3, 2026
Homeදේශීයමාලඹේ පොලිස් ස්ථානයේදී ගිනි අවියක් හදිසි ලෙස ක්‍රියාත්මක වෙයි – පොලිස් නිලධාරියෙකු...

මාලඹේ පොලිස් ස්ථානයේදී ගිනි අවියක් හදිසි ලෙස ක්‍රියාත්මක වෙයි – පොලිස් නිලධාරියෙකු රෝහලට


මාලඹේ පොලිස් ස්ථානය තුළ අද උදෑසන සිදුවූ අත්වැරදි අනතුරක් හේතුවෙන් පොලිස් සැරයන්වරයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කළේ, ගිනි අවියක් පරීක්ෂා කිරීමේදී අත්වැරදීමක් නිසා එය හදිසි ලෙස ක්‍රියාත්මක වී නිලධාරියාගේ හිසට තුවාල සිදු වූ බවයි.

තුවාල ලැබු නිලධාරියාගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ නොවන අතර ඔහු ප්‍රථිකාර සඳහා රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් මූලස්ථානයේ නිවේදනයේ සඳහන් වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාලඹේ පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments