ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර්‍රා ප්‍රාන්තයේ සතාරා දිස්ත්‍රික්කයේ රජයේ රෝහලක සේවය කළ වෛද්‍යවරියක් සියදිවි හානි කරගැනීමෙන් පසු, ඉන්දියාව පුරා දැඩි සමාජ ආන්දෝලනයක් ඇති වී ඇත.
ඇය මරණයට පෙර ලියා තැබූ සටහනක සඳහන් වන්නේ, පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් කායික සහ මානසික හිරිහැරට ලක්වූ බවය.
ඒ අතරින් නිලධාරියෙකු විසින් පසුගිය මාස පහ පුරා කිහිප වතාවක් ඇය දූෂණයට ලක් කර ඇති අතර, අනෙක් නිලධාරියා මානසික පීඩනයක් යටතේ තබා තිබෙන බවද එම සටහනේ දැක්වෙයි.
ඇය මේ පිළිබඳව පෙර පොලිසියට පැමිණිලි කළද, කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ බව වාර්තා වේ.
වෛද්‍යවරියගේ මරණයෙන් පසුව සැකකරුවන් දෙදෙනා පලා ගොස් ඇති අතර, ඔවුන්ගේ සේවා තාවකාලිකව අත්හිටුවා තිබේ.
මේ අතර, මහාරාෂ්ට්‍ර කාන්තා කොමිසමේ ප්‍රධානී රූපාලි චකන්කර් ප්‍රකාශ කළේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් චූදිතයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවයි.
පලා ගිය පොලිස් නිලධාරීන් සොයා ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් ද මේ වන විට යොදවා ඇත.
