Thursday, January 15, 2026
Homeදේශීය"මා කල ප්‍රකාශය සත්‍යයක්" - ජෙරම් ප්‍රනාන්දු

“මා කල ප්‍රකාශය සත්‍යයක්” – ජෙරම් ප්‍රනාන්දු

තමා කළ ප්‍රකාශයෙන් බෞද්ධ, හින්දු, මුස්ලිම් සහෝදරවරුන්ගේ සිත් රිදවීමක් සිදුවූයේ නම් සිදුවූයේ නම් එයට සමාව ගන්නා බවත් තමා කළ ප්‍රකාශය නිවැරදි ප්‍රකාශයක් බවත් දේවගැති ජෙරොම් ප්‍රනාන්දු පැවසීය.

ඔහු මේ බව පැවසුවේ zoom තාක්ෂණය ඔස්සේ පැවති දේව මෙහෙය ආමන්ත්‍රණය කරමිනි.

මෙම දේව මෙහෙය දෙහිවල ප්‍රදේශයේ zoom තාක්ෂණය ඔස්සේ පැවතිය ද ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබුණේ නුගේගොඩ ප්‍රදේශයේ මෙම දේව මෙහෙය පවත්වන බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ජෙරොම් ප්‍රනාන්දු මහතා පවසා තිබුණේ නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් අධිකරණ කටයුතු සම්බන්ධයෙන් තමාගේ තමාගේ නීතිඥයන් මේ වන විට කටයුතු කරමින් සිටින බවත් ය.

RELATED ARTICLES

Most Popular

Recent Comments