Sunday, December 14, 2025
Homeසියලුම පුවත්මැතිවරණ ගේමකට රනිල්ගෙන් ඥාතියෙකුගේ කමිටුවක් ..

මැතිවරණ ගේමකට රනිල්ගෙන් ඥාතියෙකුගේ කමිටුවක් ..

ලබන වසරේ පැවැත්විය යුතු ජනාධිපතිවරණය නොපවත්වා සිටීමේ විවිධ කුමන්ත්‍රණ දියත් කර තිබෙන පොහොට්ටු ආණ්ඩුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය 16 වෙනි දින ගැසට් පත්‍රයක් නිකුත් කරමින් සමස්ත මැතිවරණ ක්‍රමයම සංශෝධනය කිරීම සඳහා කමිටුවක් පත් කර තිබේ.

එම සභාපතිත්වය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සමීපතම ඥාතියෙකු වන හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසත් ඩෙප් පත් කර තිබේ. ඊට අමතරව එම කමිටුවට තවත් සාමාජිකයන් 08 දෙනෙකු පත් කර සිටී. මේ වනවිටත් මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා පත් කළ කමිටු වාර්තා කිහිපයක්ම රජයට බාර දී තිබියදී ජනාධිපති මෙම නව කමිටුව පත් කර ඇත.

එහි සභාපතිත්වයට ජනාධිපතිගේ සමීපතම ඥාතියෙකු පත් කිරීම තවත් කුමන්ත්‍රණ මාලාවක ආරම්භය විය හැකි බවට දේශපාලන නිරීක්ෂකයෝ සැක පහළ කරති

RELATED ARTICLES

Most Popular

Recent Comments