අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ ජේවීපී ආණ්ඩුවේ පච පොරොන්දු දේශපාලනය නිස පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නිර්මාණය කිරීම අද විනාශ වී ඇති බවත් ජනාධිපතිවරණයේ දී සහ මහමැතිවරණයේ දී බොරුව ඇන්දවිල්ල මංමුලා කිරීම හරහා ජනතාව රවටා මේ වන විට පළාත් පාලන මැතිවරණයේ දී ද ක්‍රියාත්මක කර ගමේ බලය පචයොන්ට දෙන්න කියා ඉල්ලා සිටින බවත් එම නිසා 3 වැනි වතාවටත් මොවුන්ට රැවටෙනවාද කියා ජනතාවගෙන් ප්‍රශ්න කර සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් බෙලිඅත්ත ආසනයේ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් පැවැති රැස්වීමකදීය.
බදු, දූෂණ හා වංචා, කොමිස් මුදල් ආදිය නිසා තෙල් මිල වැඩි බවත් මේවා ඉවත් කිරීම හරහා තෙල් මිල අඩු කළ හැකි යැයි පැවසුවත් තවමත් තෙල් මිල වැඩි බවත් වරායේ ගොඩබාන මිලට තෙල් ලබා දෙනවා කිව්වත් අද එය සිදු නොවී ඇති බවත් අද වන විට ගොවියාට, ධීවරයාට, ව්‍යවසායකයාට ඉන්ධන සහනාධාරය පවා නොලැබෙන බවත් මිල සූත්‍රය පවා අහෝසි කරනවා කිව්වත් එය ද නොවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය. ඉන්ධනවල බදු ඉවත් කළා නම් කොමිස් මුදල් නැති කළා නම් වරායේ ගොඩබාන ගානටම තෙල් ලැබිය යුතු වුවත් මොවුන් එදා කිව්වේ බොරු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
එක පෑන් පාරින් විදුලි බිල අඩු කිරීම කෙසේ වෙතත් වැඩි කරන්න නම් හැදුවා
එක පෑන් පාරෙන් විදුලි බිල 33%කින් අඩු කරනවා කිව්වත් බලයට පැමිණි පසු එක පෑන් පාරින් මාස 6කට විදුලි බිල අඩු කළ නොහැකි බවට ලිපි නිකුත් කළ බව බවත් මේ නිසා පොදු ජනතාව කැලබී මහජන උපයෝගීතා කොමිසම හමුවට ගිය අවස්ථාවේ මහජන උපයෝගීතා කොමිසම 20%කින් විදුලි බිල අඩු කලා මිස රජය හෝ ජනාධිපතිවරයා එය අඩු නොකළ බවත් මේ පච ආණ්ඩුවට තවත් 13%ක් අඩු කිරීමට ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත 263000ක් ද වැහිලා
පළමු අයවැයෙන් රැකියා විරහිත උපාධිධාරීන් 35000කට රැකියා දෙනවා කිව්වත් එකක්වත් නොදුන් බවත් දුප්පත්කම තුරන් කරන්න නව වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනවා කිව්වත් එය ද නොවූ බවත් බොරුව රැවටිල්ල වංචාව ඇන්දවිල්ල හරහා බලය ලබා ගන්න හා රැදී සිටින්න පුළුවන් යැයි සිතන බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ නිවසට ලැබෙන ආදායම් පහළ වැටී ජීවනෝපාය අහිමි වී ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත 263000ක් ද වැසී ඇති මුත් කාගෙන්වත් මේ අයට පිහිටක් නොමැති බවයි.
බඩු මිල අඩු කරනවා කිව්වත් එය ද නොවූ බවත් හාල් පොල් කිරිපිටි මිල පවා වැඩි වී ඇති මොහොතක ලුණු අවශ්‍යතාවවත් සපුරාගත නොහැකි වී ඇති බවත් රට පුරා ලුණු ලේවායන් රැසක් තිබුණත් මේ ලුණු ටිකවත් දෙන්න බැරි අය ගමේ බලය ඉල්ලා සිටින බවත් එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ දී සමගි ජන බලවේගය ජයගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මාලිමා ප්‍රතිපත්ති මාලාව ඔවුන්ම කෑලි කෑලිවලට ඉරා දැමුවා
රාජ්‍ය සේවකයන්ට රු. 20000ක වැටුප් වැඩි වීමක් ලබා දෙනවා සේම මාස 6න් 6ට වැටුප් වැඩි කරනවා යැයි කිව්වත් එයද නොවූ බවත් පොහොසත් රටක් ලස්සන ජිවිතයක් කියන මාලිමා ප්‍රතිපත්ති මාලාව ඔවුන්ම කෑලි කෑලිවලට ඉරා දමා ඇති බවත් මොවුන් අයි එම් එෆ් එකත් සමග නව ගිවිසුමකට යන බව පැවසුවත් එය ද නොවූ බවත් වත්මන් රජය හිටපු ජනාධිපතිවරයාගේ අයි එම් එෆ් ගිවිසුමම අනුගමනය කර හිටපු ජනාධිපතිවරයාගේ වැල් පාලමේම යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පෝලිම් නැති වුණාට 2028 ණය ගෙවන්නේ කොහොමද?
මේ වන විට රටේ පොලිම් නෑ ආදිය කියමින් ව්‍යාජ සිතුවමක් මවමින් සිටින නමුත් 2028 දී අප නැවත වරක් විදේශ ණය ගෙවීමට සිදුවන බවත් අයි එම් එෆ් එක 2033 සිට ණය ගෙවන්න යැයි පැවසුවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ජනාධිපතිවරණය ජය ගැනීමට බොරු මවාපෑමක් පෙන්වා අයි එම් එෆ් ණය ගෙවීම 2028 දක්වා අඩු කර ඇති බවත් 2028 ණය ගෙවන්න නම් මේ වසර 3 දී 5%කට වැඩි ආර්ථික වර්ධනයක් කරා යා යුතු බවත් එසේ නොමැති නම් මේ දේවල් හීනයක් බවත් මේ අය හිතාගෙන ඉන්නේ ජනතාවට මේවා අවබෝධයක් නැති නිසා ඕනෑම බොරුවක් පිළිගන්නා බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
අප රටේ අපනයනවලට ඇමෙරිකාවෙන් බද්දක් ගහන විට 44%ක ප්‍රතිචාරක තීරුබදු ගහනවා කියන අවිනිශ්චිතතාව තුළ නව ආයෝජකයන් නම් රටට එන්නේ නැති බවත් මේ යන ආකාරයට ගියොත් නම් 2028 දී අප රටටත් ලක්ෂ 220 ජනතාවටත් ආර්ථික මරු පහරක් එල්ල වන බවත් එයට හේතුව වන්නේ හිටපු ජනාධිපතිවරයා නිර්ලජ්ජිත ආකාරයට අයි එම් එෆ් ගිවිසුම තමාට අවැසි ලෙස වෙනස් කර 2028 සිට ණය ගෙවීමට එකග වීම බවත් ඊට අමතරව වත්මන් ජනාධිපතිවරයා ජනතාවට බොරු කියා රවටා හිටපු ජනාධිපතිවරයාගෙ අයි එම් එෆ් ගිවිසුම අනුගමනය කිරීම බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
බොරු කිියපු ජනාධිපතිවරයා විසින් මාලිමාවේ බලයක් නොමැති පළාත් පාලන ආයතනවලට මුදල් වෙන් නොකරන බවට මැතිවරණ නීති කඩකරමින් පහත් ප්‍රකාශයක් සිදු කර ඇති බවත් රටේම සමස්ත ජනතාවගේ ජනාධිපතිවරයාට එවැනි ප්‍රකාශ සිදු කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.