ඊශ්‍රායලය සහ අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව සිදු කරන යුද්ධයට අදට දින 33ක් ගතවී ඇත.
අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ ඉරානය පරාජයට සමීප වෙමින් ගිවිසුමකට පැමිණීමට උත්සාහ කරන බවයි. න්‍යෂ්ටික අවි නිර්මාණය නොකරන බවට සහතික වුවහොත් යුද්ධය අවසන් කරන බවද ඔහු සඳහන් කරයි.
එමෙන්ම තවත් බ්‍රිතාන්‍ය හමුදා සහ ගුවන් ආරක්ෂක පද්ධති මැදපෙරදිගට යොදවා තිබේ.
කෙසේ වෙතත්, ඉරාන ජනාධිපතිවරයා පවසන්නේ අවශ්‍ය සහතික ලැබෙන තුරු යුද්ධය අවසන් කිරීමට තමන් සූදානම් නොවන බවයි.
මැදපෙරදිග යුද්ධය – නවතම තත්ත්වය

