Monday, February 16, 2026
Homeදේශීය`මිදිගම ලසා’ ඝාතනය : ඝාතකයන් ඉදිරි දින 2ක 3කදී අත්අඩංගුවට ගන්නවා –...

`මිදිගම ලසා’ ඝාතනය : ඝාතකයන් ඉදිරි දින 2ක 3කදී අත්අඩංගුවට ගන්නවා – මහජන ආරක්ෂක අමාත්‍ය

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් `මිදිගම ලසා’ ඝාතනයට සම්බන්ධ සියලු පිරිස් ඉදිරි දින 2ක 3කදී අත්අඩංගුවට ගන්නා බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජේපාල සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ අද (23) පාර්ලිමේන්තුවේදී මෙම ඝාතනය සම්බන්ධයෙන් ප්‍රකාශ සිදු කරමිණි.

පාතාලය ද, අපරාධකරුවන් ද කියා නොසලකා සියලු දෙනාගේම ජීවිත ආරක්ෂා කිරීමට රජය බැඳී සිටින බවත් ඔහු එහිදී අවධාරණය කළේය.

වැලිගම ඝාතන සිදුවීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ සිදු කරන ලෙස පොලිසියට සෘජු නියෝගයක් ලබාදී ඇති බවත් පොලිස් කණ්ඩායම් 04ක් යොදවා ඇති බවත් මේ වනවිටත් ඊට අදාළ තොරතුරු බොහෝ ලැබෙමින් පවතින බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජේපාල එහිදී ප්‍රකාශ කළේය.

ඒ අනුව, ඉදිරි දින දෙකක, තුනක කාලය තුළ මෙම අපරාධයට සම්බන්ධ සියලු පිරිස් අත්අඩංගුවට ගන්නා බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි

RELATED ARTICLES

Most Popular

Recent Comments