මිරිහාන පොලිස් වසමේ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී හෙට (21) දහවල් පැවැත්වීමට නියමිත මහජන රැලියට අනුව කාලීන රථවාහන සීමා කිරීමට පොලිසිය තීරණය කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, දේශපාලන නායකයින්, නියෝජිතයින් සහ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම විශේෂ සැලැස්ම ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
දහවල් 2.00 සිට රැළිය අවසන්වන තුරු නුගේගොඩ ගුවන් පාලම අසල හයිලෙවල් හන්දියෙන් නාවල මාර්ගයේ නාවල වටරවුම දක්වා මාර්ග කොටස තුළ වාහන ගමනාගමනය සීමා කෙරේ.
පොලිසිය සඳහන් කළේ, රියදුරන් සහ මහජනතාවට ඇතිවිය හැකි ගමනාගමන අපහසුතා අඩුකර ගැනීමට විකල්ප මාර්ග භාවිතා කළ යුතු බවය.
භාවිතා කළ හැකි විකල්ප මාර්ග
• කොළඹ හෝ කොහුවල දෙසින් පැමිණ නාවලට හෝ පිටකෝට්ටේට ගමන් කරන වාහන ගම්සභා හන්දියෙන් වමට හැර කට්ටිය හන්දිය ඔස්සේ යා හැක.
• නාවල හෝ පිටකෝට්ටේ සිට නුගේගොඩ හරහා හයිලෙවල් මාර්ගයට ගමන් කරන වාහන නාවල වටරවුමෙන් කට්ටිය හන්දිය හරහා ගමන් කළ හැක.
• මහරගම වෙතින් නුගේගොඩ දෙසට ගමන් කරන වාහන ගම්සභා හන්දියෙන් දකුණට හැර කට්ටිය හන්දිය ඔස්සේ යා හැක.
පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියේ, මෙම කාලය තුළ රථවාහන තදබදය පාලනය කිරීම සඳහා නියමිත විකල්ප මාර්ග භාවිතා කරන්නැයිය.

