Sunday, October 26, 2025
Homeweatherweatherමි.මී. 75ක තද වැසි අදත්

මි.මී. 75ක තද වැසි අදත්

උතුරු, උතුරු-මැද, ත්‍රිකුණාමලය සහ මඩකළපුව දිස්ත්‍රික්කවල අද (26) දිනයේදී විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 75ක් පමණ තරමේ තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලද වැසිවාර කිහිපයක් ඇතිවීමේ ඉඩක් ඇත.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින්විට පැ.කි.මී. 40-50ක තද සුළං පවතිනු ඇති බව ද අවධාරණය කරයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු අනතුරු අවම කිරීම සඳහා ජනතාව ඇවිරිණි පියවර ගැනීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments