මීගමුව සහ කටාන ප්‍රදේශවල ජල සැපයුම අනිද්දා (12) පෙරවරු 8 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 16ක් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
මෙම කප්පාදුව මීගමුව මහ නගර සභා සීමාව, කටාන ප්‍රාදේශීය සභා සීමාව, ඇතියාවල, ජන්කුරවෙල, කළුවරිප්පුව, මිරිස්වත්ත, කෝන්ගොඩමුල්ල, හල්පේ, ඇණ්ඩිමුල්ල, අම්බලයාය, තොප්පුව සහ වයික්කාල ග්‍රාම නිලධාරී වසම් සඳහා බලපානු ඇත.
බම්බුකුලිය ජල පිරිපහදු මධ්‍යස්ථානයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකෙරේ. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට කනගාටුව පළ කරන අතර, ජලය ඉතා සුරක්ෂිතව සහ අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙස ඉල්ලා සිටී.
මීගමුව හා කටාන ප්‍රදේශයට පැය 16ක ජල කප්පාදුව

