Thursday, March 5, 2026
Homeදේශීයමුල්ලේරියාව ප්‍රා.ස. හිටපු උප සභාපතිවරයෙකු ඝාතන සිද්ධියේ සැකකරුවෙකු අත්අඩංගුවට

මුල්ලේරියාව ප්‍රා.ස. හිටපු උප සභාපතිවරයෙකු ඝාතන සිද්ධියේ සැකකරුවෙකු අත්අඩංගුවට

මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය පවසයි. මෙම ඝාතනය 2022 අගෝස්තු 02 වන දින මුල්ලේරියාව පොලිස් වසමේ, මුල්ලේරියාව රෝහල ආසන්නයේදී සිදුව තිබුණි. විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරකට අනුව, මෙම අපරාධය සිදුකිරීමට පැමිණි යතුරුපැදියේ පැදිකරු ලෙස කටයුතු කළ සැකකරුවා ඊයේ (25) මාලඹේ පොලිස් වසමේ තලාහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 430ක් සහ ව්‍යාජ විදේශ ගුවන්ගමන් බලපත්‍රයක් තිබී සොයාගෙන තිබේ.

සැකකරු වයස අවුරුදු 32ක් වන අතර ඔහු තලාහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වැඩිදුර විමර්ශනවලදී, මෙම සැකකරුට කොළඹ මහාධිකරණයේ විභාග වන නඩු දෙකක් සම්බන්ධයෙන් විවෘත වරෙන්තු නිකුත් වී ඇති බවද අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments