මෙම වසරේ ගතවූ කාලය තුළ ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 2,497ක වාර්තාගත ආදායමක් උපයා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්යක්ෂ චන්දන පුංචිහේවා මහතා පවසයි.
2025 වසර සඳහා මුදල් අමාත්‍යංශය විසින් රේගුවට නියම කළ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,115ක් වන අතර, එය නොවැම්බර් මාසය වනවිටම ඉක්මවා ආදායම් රැස් කිරීමට හැකි වූ බව ඔහු සඳහන් කළේය.
ඒ අනුව නොවැම්බර් වනවිට එම ඉලක්කය රුපියල් බිලියන 2,231ක් දක්වා සංශෝධනය කළද, එම සංශෝධිත ඉලක්කයද මේ වනවිට ඉක්මවා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
රේගුව තුළ ගනු ලැබූ විවිධ පරිපාලන හා නියාමන ක්‍රියාමාර්ග, එමෙන්ම 2025 වසරේ වාහන ආනයනයට අවසර ලබාදීම මෙම ඉහළ ආදායමට ප්‍රධාන හේතු වූ බවද චන්දන පුංචිහේවා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

