Tuesday, January 27, 2026
Homeදේශීයමෝටර් රථයක් දුම්රියේ ගැටී තිදෙනෙකු රෝහල්ගත කරයි

මෝටර් රථයක් දුම්රියේ ගැටී තිදෙනෙකු රෝහල්ගත කරයි

බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක්, අද (27) පස්වරුවේ කොස්ගම–පියගම ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට අනාරක්ෂිත ලෙස ඇතුළු කළ මෝටර් රථයක ගැටී අනතුරක් සිදුවී ඇත.

කොස්ගොඩ පොලීසිය සඳහන් කළේ, මෙම අනතුරින් පුද්ගලයින් තිදෙනෙකු බරපතළ තුවාල ලබා බලපිටිය සහ කරාපිටිය ශික්ෂණ රෝහල් වෙත ඇතුළත් කර ඇති බවයි.

අදාළ දුම්රිය හරස් මාර්ගයේ වර්ණ සංඥා පද්ධතිය ක්‍රියාත්මකව තිබූ අතර, වර්ණ සංඥා දැල්වෙමින් සහ ආරක්ෂිත සීනුව නාද වෙමින් තිබියදී මෝටර් රථය දුම්රිය මාර්ගය තුළට ඇතුළු කර ඇති බවද වාර්තා වේ.

දුම්රියේ ගැටීමෙන් මෝටර් රථය විසි වී ගොස් ඇති අතර, එහි ගමන් කළ පියා, පුතා සහ ඔවුන්ගේ ඥාති කාන්තාවක් මෙලෙස තුවාල ලබා රෝහල්ගත කර ඇත.

අනතුර සම්බන්ධයෙන් කොස්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

RELATED ARTICLES

Most Popular

Recent Comments