Tuesday, February 17, 2026
Homeදේශීයයාල් දේවී' දුම්රිය නියාමක අත්අඩංගුවට

යාල් දේවී’ දුම්රිය නියාමක අත්අඩංගුවට

රාජකාරී වෙලාවේදී මත්පැන් පානය කිරීමේ චෝදනාවක් මත යාල් දේවී දුම්රියේ ප්‍රධාන නියාමකවරයා අද (25) පස්වරුවේ අනුරාධපුරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක් ප.ව. 2.40ට පමණ අනුරාධපුර දුම්රිය ස්ථානයට ළඟා වූ විට, නියාමකවරයා මත්පැන් පානය කර සිටීම හේතුවෙන් දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

අදාළ නියාමකවරයා අනුරාධපුර පොලීසියට භාර දී ඇති අතර, ඉන්පසු අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර, යාල් දේවී දුම්රියට නව නියාමකවරයෙකු පත් කර, අනුරාධපුරයෙන් කොළඹ කොටුව බලා ධාවනය කරමින් තිබුණා.

RELATED ARTICLES

Most Popular

Recent Comments