Thursday, January 22, 2026
Homeඅපරාධයුද්ධ හමුදා බුද්ධි තොරතුරෙන් නීතිවිරෝධී දුම්වැටි තොගයක් අත්අඩංගුවට.

යුද්ධ හමුදා බුද්ධි තොරතුරෙන් නීතිවිරෝධී දුම්වැටි තොගයක් අත්අඩංගුවට.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කළ දුම්වැටි 165,200ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

යුද්ධ හමුදා බුද්ධි අංශයෙන් ලැබුණු තොරතුරු මත රාජගිරිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ සහාය ඇතිව ඊයේ (21) සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් මිලියන 16.52කට අධික බව සඳහන් වේ.

වැඩිදුර විමර්ශන සඳහා දුම්වැටි තොගය සහ සැකකරු වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments