Wednesday, October 29, 2025
Homeදේශීයයෝෂිත රාජපක්ෂ නඩුව දෙසැම්බර් 10ට කැඳවයි

යෝෂිත රාජපක්ෂ නඩුව දෙසැම්බර් 10ට කැඳවයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තනිය ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනුකළ නඩුවක් කොළඹ මහාධිකරණය දෙසැම්බර් මස 10 වන දින කැඳවීමට නියම කර තිබේ.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, ඇප මත මුදාහැර සිටින විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියි. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා විත්තිකරුවා වෙනුවෙන් කරුණු දැක්වූ අතර, නඩුව සඳහා අවශ්‍ය ලේඛන සියල්ල විත්තියට භාරදී ඇති බවත්, ඒ අනුව නඩුව විභාගයට ගත හැකි බවත් සඳහන් කළේය.

විත්තිකරුවා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා පවසන්නේ, විත්තිය විසින් ඉල්ලා සිටි ලේඛන සමහරක් ලැබීමට නියමිත බවත්, එම ලේඛන ලැබුණු පසු පිළිගැනීම් ඉදිරිපත් කරනු ලබන බවත් ය.

මෙම නඩුව 2009 මාර්තු 31 සහ 2013 දෙසැම්බර් 12 අතර කාලය තුළ නීතිවිරෝධී ලෙස උපයාගත් රු. මිලියන 59කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම් තුනක තැන්පත් කිරීමේ චෝදනා යටතේ ගොනුකර ඇති අතර, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බව නීතිපතිවරයා චෝදනා කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments